ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළා.
එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්රභ කළ බවයි වාර්තා වන්නේ. එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.
ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ දෙවැනි පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින්. එම පෙත්සම සලකා බැලීම සඳහා ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්රියන්ත ප්රනාන්දු යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කටයුතු කළා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here