අප රටේ අතිමහත් බහුතරයක් ජනතාව අසීමිත අසහනයකට පීඩනයකට ලක්ව ඇති බවත් සමහර දරුවන් පාසල් යන්නේ නිරාහාරව බවත් මේ වන විට රටේ බහුමාන දුගීභාවය ඉහළට නැංවී ඇති බවත් අප රට ගැන කළ සංගනනයක් අනුව දුුගී බව වැඩි වනවා සේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ලක්ෂ ගණනක් වැසී ගෙස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ව්‍යාපාර කඩා වැටීම, රැකි රක්ෂා අහිමි වීම සහ දුුප්පත්කම වැඩිවීම නිසා පීඩාවට පත් වන්නේ පාසල් දරුවන් බවත් දරුවන්ට ලැබිය යුතු පූර්ණ ශක්තිය සහ රැකවරණය නොලැබෙන බවත් ඊට අමතරව උද්ධමනය නිසා අධ්‍යාපනය වැඩකටයුතු අඩාල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ හෝමාගම පිටිපන මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 364 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.