කළුතර ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්කරල් විකිණී අයෙකු මත්කරල් 900ත් සමග අද ( 19) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

මත්කරලක් රුපියල් 300 ක් වැනි මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි .

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

කළුතර කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වති .

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here