පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පවතින ගැටලුවට තමා මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම්දී තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපතිවරයාට නීතීඥ උපදෙස් ලැබී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.