කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිතා කරන පොහොර සඳහා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (17) දින උපදෙස් දෙනු ලැබුවා.
ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා මුදලකින් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළා.
ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදන කරන කුරුඳු, තේ සහ පොල් සඳහා යොදා ගන්නා පොහොර වර්ග පහත දැක්වෙන මිල ගණන් අනුව අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.
පොහොර මිල ගණන් අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.
මේ හැර රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙට්‍රික් ටොන් 01ක් රුපියල් 5000කින් අඩු කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා ලද බව කෘෂිකර්මහාවැවිලිකර්මාන්තඅමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
මෙම සාකච්ඡාවට කෘෂිකර්මහාවැවිලිකර්මාන්තඅමාත්යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල් අබේරත්න යන මහත්වරු මෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යාලය, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා යනමහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.