තමාගේ ඩියුටි එක සූට් එක මහන එක බවත් ඕන කෙනෙකුට ඉන් පසු ඒය ඇඳගත ගැකි බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, අද (23) පොදු ජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
”මාවනේ වඩාගෙන පාලමෙන් එහා පැත්තට යන්න හදන්නේ. එහෙනම් මම එපැයි වඩා ගත්තු මනුස්සයට මාව තවදුරටත් වඩාගෙන යන්නෙයි කියලා කියන්න නේ ද?. මට පීනන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්, කැමති කට්ටිය ඉන්නවා නම් මාව වඩාගෙන යන්න, වඩාගෙන යන්නත් පුලුවන්. අපි පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නෑ. අපි ප්රතිපත්ති පදනම් කරගෙනයි තීන්දු ගන්නේ. මම පක්ෂෙ ජාතික සංවිධායකනේ. මගේ ඩියුටි එක සූට් එක මහන එක. ඊටපස්සෙ ඕන කෙනෙක්ට ඒක ඇඳගන්න පුළුවන්. ගොඩක් පක්ෂ විනාශ උනේ සූට් එක මහන්න දුන්න අය ඒක ඇඳගන්න ගිහිල්ලා”යැයි මන්ත්රීවරයා කියා සිටියා.