ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඇතැයි උප්පුවේලී පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ඇලස්වත්ත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පෞද්ගලික හේතුවක් මත එම ඝාතනය සිදු කර ඇති බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.