ශ්‍රී ලංකා රාජ්‍ය විදේශ ආධිපත්‍යට යටත් කිරීමේ මහා සැලසුම රාජ්‍ය පාලකයා විසින්ම මේ වනවිට දියත් කරමින් සිටින බවත් එය පරාජය කිරීමට මේ මොහොතේ කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය මෙන්ම ථෙරවාදී සම්බුද්ධ ශාසනය ද අවසන් වීමට විශාල ඉඩක් තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තෛයිනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.
වර්තමාන පාලකයින් විසින් සිදු කරන මෙම මහා පාවාදීම රාජ්‍යයට ද්‍රෝහි වීමේ වරද යටතට ගැනුණ ද එම පාවාදීමෙන් පසුව ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට රටක් ඉතිරි නොවනු ඇති බවත් මේ නිසා මෙම දුෂ්කර මෙන්ම ඛේදනීය තත්ත්වයෙන් රට බේරා ගැනීමට පාලකයින්ට මෙන්ම මහ ජනතාවට ද මග පෙන්වීම සඳහා දැඩි අවවාද අනුශාසනා ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද වීරවංශ මහතා ත්‍රෛනිකායික මහානායක හිමිවරු වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ. වසර 2000 කට අධික කාලයක් අපගේ මාතෘ භූමිය යටත්කර ඈඳා ගැනීම සඳහා ඉන්දියානු ආක්රමණිකයින් අවස්ථා 17 දීත් බටහිර ආක්රමණිකයින් අවස්ථා තුනක දීත් උත්සහ කළ ද දීර්ඝකාලීනව සටන් වැද එම උත්සහයන් පරාජය කරන්නට ජාතියක් ලෙස අපි සමත් වූවෙමු. ජාතියට එම ශක්තිය උරුම වූයේ මහා සංඝරත්නය විසින් ඉටු කරනු ලබන ඓතිහාසික භූමිකාව නිසා බව ඉතා පැහැදිලි කරුණකි. එසේම සාක්කි අනුව එදා බ්‍රිතාන්‍ය ආක්රමණිකයින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහසුනෙන්න පළවා හැර රාජ්‍ය යටත් කර ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයට බුද්ධිමය නායකත්වය ලබාදුන් ජෝන් ඩොයිලි ගේ සැලසුම සහ යටත් විජිත් ලේකම් ගේ මතය අතර උපායමාර්ගිකව වැදගත් පරස්පරයක් තිබී ඇත.ඩොයිලි ගේ සැළසුමට අනුව පළමු වටයේ දී ඍජුව බ්‍රිතාන්‍ය පාලකයෙකු විසින් යටත්විජිතය පාලනය කරනු වෙනුවට රූකඩ පාලකයෙකු ලෙස ඇහැලේපොළ නිළමේ රජු ලෙස පත්කර බ්‍රිතාන්‍යයන් තිරය පිටුපස සිට ඔහුව මෙහෙය විය යුතු විය. නමුත් යටත් විජිත් ලේකම් ගේ මතය ජයග්‍රහණය කිරීම නිසා ආක්රමණිකයා ට වසර තුනක් ඇතුළත් ප්‍රබල කැරැල්ලකට මුහුණ දීමට සිදුවිය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයෙන් පලවා හැරීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ට වැඩබලන ජනපති ධූරය හිමිවන්නේ එදා යටත්විජිත් ලේකම්වරයා කළ වරද නිවැරදි කරන්නට යන ප්රශ්නය මතුවේ. කෙසේ වෙතත් එදා ඇහැලේපොළ සිහසුන මත අසුන්ගැන්වූවා නම් ජෝන් ඩොයිලි විසින් පිටුපස සිට ඔහු මෙහෙයවන බවට සැකයක් නැත. එහෙත් මෙදා රනිල් වික්‍රමසිංහ මහතා ස්වේච්ඡාවෙන් හා කැමැත්තෙන් යටත්විජිත් ලේකම්ලා ගේ නියෝගය පිළිපදින බව මේ වනවිට පැහැදිලිව දැක ගැනීමට පුළුවන.
යටත් විජිත් ලේකම් ලා ලෙස කටයුතු කරන තානාපති නිලධාරීන් කිහිපදෙනෙකු ගේ නියෝග එකවර ක්‍රියාත්මක කිරීමට සහ බොහෝ විට නියෝග ලබාදීමටත් පෙර එකඟ වී ඇති මහා සැලසුමට අනුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වන දක්ෂතාවද ඔහු පෙන්නුම් කර තිබේ.
රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් බවට සුබ ආරංචියකි නමින් ව්‍යාජ සුබවාදී මතයක් ගොඩනැගීමට උත්සහ කිරීම, දැනුම්වත් පිරිස් අතර හාස්‍යජනක ක්‍රියාවක් ලෙස පෙනුණ ද බහුතර මහජනතාවට ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැත. සමස්ත විදේශ ණය තොගයෙන් 25% ක් පමණ වූ ඩොලර් බිලියන 10 කට ආසන්න දිවිපාර්ශවීය ණය ගෙවීම වමර 05 කට කල්දමා ගැනීම මගින් ණය අර්බුදයට විසඳුම් ලැබෙන බව පිළිගත හැකිද ?.එම ණය වාරික ගෙවීම ඊළඟ පාලකයාට භාර දෙන ආකාරයට වසර 05 කට කල් දැමුව ද ඊට අදාළ පොළිය ගෙවිය යුතුය. මේ වනවිට විදේශ ණය සඳහා ගෙවිය යුතු පොළිය පසුගිය වසරට වඩා 14 % කින් වැඩි වී තිබේ. එම තත්ත්වය අර්බුදය සමනය කිරීමක් ද නැතහොත් උත්සන්න වීමක් ද යන්න තේරුම් ගැනීමට මහා අංක ගණිතමය දැනුමක් අවශ්‍යය නැති බව ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත.
වැල් පාලමින් එගොඩවන බව පවසමින් එය කඩාගෙන වැටෙන ආකාරයට තව දුරටත් විශාල වශයෙන් දේශීය ණය ලබා ගැනීම පිළිබඳව ජනපතිවරයා කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැත.එතුමා බලය ලබා ගන්නා අවස්ථාවේ දී ඩොලර් බිලියන 83 ක් පමණ වූ සමස්ත ණය තොගය මේ වනවිට ඩොලර් බිලියන 100 ක් දක්වා වර්ධනය වී තිබේ. ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට දේශීය බැංකු මගින් බැදුම් කර නිකුත් කිරීම ඔස්සේ අසීමිතව ණය ලබා ගැනීමය. එසේ ලබාගෙන තිබෙන නව ණය ප්‍රමාණය රුපියල් වලින් ගණනය කළහොත් එය දළ වශයෙන් රුපියල් බිලියන 5000 ඉක්මවයි.
ඌරුවංශ drama,දැන් රටේ මිනිස්ස් බුද්ධිමත් උබට වැඩිය