2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගය ලකුණු 13කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 116ක තරම් පහසු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වෙමින් පන්දුවාර 19යි පන්දු 05ක් හමුවේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 102ක් පමණයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here