ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගින්නක් හටගෙන තිබේ.
ඉන්දියාවේ ගෝවා සිට නාවික සැතපුම් 102ක් නිරිත දෙසින් වන ඉන්දියන් සාගරයේදී නෞකාව ගිනිගෙන ඇති බවයි එන්. ඩී. ටී. වී නාලිකාව වාර්තා කළේ.
ගින්න පාලනය සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඒ සඳහා ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද යොදාගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.