හිල්ටන් හෝටලය අයත් Hotel Developers (Lanka) Ltd ආයතනයේ රජය සතු කොටස් මිලට ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කර ඇති එකම පුර්ව සුදුසුකම් ලත් සමාගම ලෙස Melwa Hotels & Resorts (Pvt) Ltd සමාගම රජය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රජය සතු ව්‍යවසාය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අනුව, Hotel Developers (Lanka) Ltd ආයතනයේ කොටස් මිලට ගැනීමට ලංසු කැඳවීම 2023 ඔක්තෝම්බර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව, ඊට ලංසුකරුවන් 09 දෙනෙකු ඉල්ලුම්කර තිබූ අතර, කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුව මගින් එම ලංසුකරුවන් අතරින් ලංසුකරුවන් 04 දෙනෙකු පුර්ව සුදුසුකම් ලැබූවන් ලෙස තෝරා ගැනුණා.

රජය පවසන්නේ ඉන් අනතුරුව යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව තුළ, යෝජනා ඉදිරිපත් කර තිබුණේ පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් දෙදෙනාගෙන් එක් ලංසුකරුවකුවන Melwa Hotels & Resorts (Pvt) Ltd සමාගම පමණක් බවයි .

ඒ අනුව, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ව්‍යාපෘති කමිටුව සහ සාකච්ඡා කමිටුව එක්ව රජය සතු ව්‍යවසාය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොන්දේසි සහ මාර්ගෝපදේශයන්ට අනුව, මෙම යෝජනා ඇගයිමට ලක් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here