කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හටගත් ගින්නක් පාලනය කර තිබෙනවා.

සය මහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ කරන ස්ථානයෙනුයි ගින්න හටගෙන තිබෙන්නේ.

ඒ අනුව විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කෙරුණා.

ඊට දායක වූ ගිනි නිවන භටයෙකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here