දැනට ප්‍රංශයේ සැඟව සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායිහි සැඟව සිටින ලොකු පැටී දෙදෙනාගේ ඝාතන සැලැස්මක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
මේ පිළිබඳව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන්කර සිටියේ.
ලැබී ඇති තොරතුරු අනුව කංජිපානි සහ ලොකු පැටී මෙරට ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම පිරිස පාතාල සාමාජිකයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි ලබා නොදුන් බවට පවසමින් මෙම ඝාතන සැලැස්ම සූදානම් කර තිබෙනවා.
මීට පෙර මෙම ගායකයා ඇතුළු පිරිස එම පාතාල සාමාජිකයින් සැඟව සිටින රටට ගොස් උත්සවයකටද සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බැලීමක් කරගෙන යන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
රට තුල මෙවැනි වියාකුල තත්වයක් නිර්මානය කිරිම සම්බන්දව සමහර දේසපාලන නායකයන් වග කිව යුතුය රංජන් රාමනායක මහත්මයා කියනවා උන් සෙරම යාලුවො මේ ගරැපාර්ලිමෙන්තුව තුලත් කුඩු වියාපාරිකයො ඉන්නවා කියලා කිසිම නායකයකුටම මේ කාරනාවල සත්තය තාවය සොයන්න අවෂ්සවුනේ නැහැ එ කෙසේ වෙතත් මෙවැනි තත්වයකදි අහින්සකයක් මිය යනවනම් එවට රජය වන්දි ගෙවන්න වෙනවා භුහුමිදානයට කරන ලක්ෂ 10 මොනවා කරන්නද මිය යන අයගේ යැපෙන්නම්ට මුකුත් නැත පාතාලයන්ට දුන්න රටක් හැටියට ඉතිහාස ගතවන්නට ඉඩ නොදෙමු