බලන්ගොඩ නගර ආශ්‍රිතව ඇති දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිතට බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය.
මෙි අතර සැකකරු සම්බන්ධයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැදවන ලෙසත් සැකකරු ඩි.එන්.ඒ.පරික්ෂණකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිළධාරින් වෙත නියෝග කලා.බලන්ගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබිය.
ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැකකෙරැණ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකල මරණ පරික්ෂණයේදි මරණ සමිබන්දයෙන් වෛද්‍ය වරැන්ට සැකයක් මතු විම හේතුවෙන් මෙිි සමිබන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණි.
එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලබා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියා.
බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කල අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවටයි.
(බලන්ගොඩ -ආනන්ද තිස්ස)