පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගීවීමට නියමිතයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.05 ට පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.