වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේ නව මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට කටයුතු කිරිමට එරෙහිව (16) දින වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් එම මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට සුදානම් කර ඇති ගොඩනැගිල්ල අසල උද්ඝෝෂණයක නිරත විය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් ෂැනන් වත්ත දක්වා කිලෝමිටර් පහක් ඇතුලත මත්පැන් අලෙවිසැල් හතරක් පිහිටා ඇති බවත්, තවත් මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් කිලෝමිටරයකට එක් මත්පැන් අලෙවිසැලක් බැගින් මාර්ගයේ තිබෙන බවයි උද්ඝෝෂණයේ නිරත වු පිරිස කියා සිටියේ.

වටවල කුයිල්වත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට, කුයිල්වත්ත දමිල පාසල ආසන්නයේ සහ කුයිල්වත්ත වතු කම්කරුවන් නිවාස යාබදව මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් ආර්ථික වශයෙන් දැනටමත් පිඩාවට පත් වි සිටින වතුකරයේ ජනතාව සහ අවට ජනපද වල පදිංචිකරුවන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිවන බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදි මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිම තුලින් කිසියම් අපෙක්ෂකයෙකු දේශපාලන වාසි ලබා ගැනිමට උත්සහ කරන බවත්, ඒ අනුව එම ස්ථානයේ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට තමන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවයි උද්ඝෝෂණයේ නිරත වු පිරිස වැඩිදුරටත් කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here