පසුගිය 26 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසිමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සදහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළ ද මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි ඒ සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ.
ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි.