ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය තුනේ කණුව ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් අද උදෑසන අනතුරක් සිදු වී තිබේ.

රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

අනතුර නිසා ලොරි රථයට බරපතළ අලාභ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here