සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (05) පැවැත්වේ.
තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් අවසන් විය.
පළමු තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට තරගාවලියේ ඉතිරි තරග ද අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඊයේ දැනුම් දුන්නේ ය.
ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් කර ඇත්තේ, ජෙෆ්රි වැන්ඩසේයි.
කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02.30 ආරම්භ වීමට නියමිතයි.