කාන්තාවක් ගලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
සැකකරු ඊයේ (20) පස්වරුවේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණ තිබෙනවා.
එහිදී සැකකරු සහ සැකකරුගේ බිරිඳ, බිරිඳගේ මව අතර බහින්බස්වීමක් සිදුව ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මුදල් ආරවුලක් හේතුවෙන් මෙලෙස ඔවුන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවටයි.
එහිදී සැකකරු විසින් බිරිඳගේ මවට ගලකින් පහරදී ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඉන් බරපතළ තුවාල ලැබූ සැකකරුගේ මව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ පසුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි වියේ පසුවූ අතලවත්ත ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
එසේම පොලීසිය පවසන්නේ සැකකරු විසින් සිය බිරිඳට සහ දියණියට ද තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලපිටමඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.