රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු 03ක් අලෙවි කිරීමට පැමිණි තිදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල හා පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාර වයස අවුරුදු (28) (31) හා (65) හැවිරිදි වියේ පසූවූවන් බවත්, මොවුන් නීති විරෝධි ලෙස ඉතා සූක්ෂම මෙම ගජමුතු අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට පාලවිය ගුවන් හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලද තොතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් දැණුවත් කර ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් උපාය දූතයකු යොදවා අදාල ජාවාරමට සම්බන්ධ තැරව්කරු සමග දුරකථනය ඔස්සේ සති කිහිපයක් කතා බස් කිරීමෙන් අදාල තැරව්කරු විසින් අලෙවිකරුවන්ට ගජමුතු තුනද රැගෙන පුත්තලමට එන ලෙස  දන්වා ඇති අතර, පසුව අදාල අලෙවිකරුවන් මාවැනැල්ල ප්‍රදේශයේ සිට මරුටි වර්ගයේ කාර් රථයකින් ගජමුතුද රැගෙන පුත්තලමට පැමිණි අවස්ථාවේදී පුත්තලම කලපු තීරය ඉදිරිපිටදී සැකකරුවන් සහ ඔවුන් සන්ථකයේ තිබූ ගජමුතු තුනක් ජංගම දුරකථන දෙකක් සමග ඒවා ප්‍රවාහනයට යොදා ගැනුන කාර් රථයද පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කල මූලික  ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ සිය ඥාති සහෝදරයකු විසින් පවත්වා ගෙන යනු ලබන ස්ව්රණාභරණ ‍වෙළදසැල වෙත මෙම ගජමුතු අලෙවි කර දෙන ලෙස කිසියම් පුද්ගලයකු විසින් ලබා දී තිබූ ගජමුතු බවත්, ඒවා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කිරීමට තමන් කටයුතු කරමින් සිටි බවයි.

(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here