අතුරුගිරිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා ඇතුළු තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 සහ 29 වයස් කාණ්ඩවල පසුව පුද්ගලයින් දෙදෙනෙක්.
ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු බව පැවසෙන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද (23) දින දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වයස අවුරුදු 29ක් වූ තාරුකර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තා ද අත්ඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන යාම ඔහුට එල්ල වී ඇති චෝදනා වන බවයි.
මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.