අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන එනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය අද දහවල් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here