හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු අද (29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැප්තැම්බර් 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍යවරයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here