ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින් ගම්පොළ – බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට ලබාදීමට සූදානම් වූ සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළා.
රැස්වීමට පැමිණ සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණා.
ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ බව වාර්තා වන අතර, මෙම හමුවට ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිටි බවද වාර්තා වනවා.
මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබුණා.