ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් අද(12) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරතවන බව ද, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here