රාජගිරිය ප්‍රදේශයේදී ගිනි අවි, පතොරම් ඇතුලු ආයුධ තොගයක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය 09 වැනිදා පිස්තෝලයක් සොයා ගන්නා ලදී.
ඊයේ (10) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මතයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී,T 56 ගිනි අවියක් සහ පතොරම් ගැබක්, පිස්තෝලයක් හා පතොරම් ගැබක් මෙන්ම විවිධ වර්ගයේ පතොරම් 400 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඊට අමතරව ඔහු සතුව තිබී හෙරොයින්, කුෂ්, ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය ද සොයාගත් බව, පොලීසිය සඳහන් කළේ ය.