හැටන් ප්‍රදේශයේ පිහිටි දමිල පාසලක සේවය කරන ගුරුවරියකගේ සොරකම් කරන ලද රන් මාලය සහ තැල්ල උකස් කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සමත් වි ඇත.

ඉකුත් (07) දින ගුරුවරිය සිය දරුවා සමග හැටන් නගරයේ ගමන් කරමින් සිටියදි ඇයගේ ගෙල බැදි තැල්ල සහිත රු ලක්ෂ හයක් පමණ වටිනා රන් මාලය හැටන් දුම්රියපොල පිවිසුම් පාලම අසලදි ඇයගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු කඩාගෙන පලා ගොස් තිබුණි.

එම ගුරුවරිය විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ෂණ ආරම්භ කරන ලද හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ලද තොරතුරක් මත රන් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවන් රදවා ගැනිමේ නියෝග මත දින දෙකක් රදවාගෙන සිදු කල විමර්ෂණ වලින් අනතරුව රන් මාලය කඩා පලාගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

රදවා ගැනිමේ නියෝග මත හැටන් පොලිසියේ භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (19) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පලාගොස් සැගව සිටින ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුම් දියත් කර ඇති අතර, සැකකරු මෙවැනි සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

( හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here