වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදුකල බව කියන නේපාල ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාල ජාතික පතාක් අනීෂ් සහ අචාර්ය කල්‍යාන් නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
සැකකාර නේපාල ජාතිකයින් දෙදෙනා චීන ජාතිකයින් පිරිසක් සමග ඇතිවූ කතාබහකින් පසු ඔවුන්ට පහරදී දේපල වලට හානිකර ඇති බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .
(සම්පත් කුලරත්න – කළුතර)