මෙවර මැතිවරණය සදහා පොලිස් නිලධාරීන් 54000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් යොමු කර ඇති බව මැතිවරණ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසනවා. ඒ මැතිවරණය සම්බන්ධයෙන් මෑත කාලීනව පොලිසිය මගින් සිදු කළ ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.
”දැනට පැමිණිලි 74 ඇවිත් තියෙනවා. මේ වන විට 22ක් අත්අඩංගුවට අරන් තියෙනවා වාහන දෙකක් අත්අඩංගුවට අරන් තියෙනවා.ඒ වගේම කැරලි මර්දන කණ්ඩායම් පිහිටුවනවා. විදුලි රැහැන් තුල පෝස්ටර් ගහන්න බෑ.. අනිත් එක පාසල්වලට රොහල්වලට කරදරයක් වෙන්න බෑ. ශබ්ද විකාශන යන්ත්‍ර වලට අනුමැතියක් ගන්න ඕනි.. ඒ වගේම අපේක්ශකයන් 38 දෙනාටම එක විදියට නීතීය ක්‍රියාත්මක වෙනවා “යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.