ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළහොත් ඔහුට සහ ප්‍රචාරක කටයුතු සිදුකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මේ පිළිබඳව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම විමසුමෙන් සිටින බවත් විද්‍යුත් මාධ්‍යයෙන් සිදුකරන ප්‍රවර්ධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමුකරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම විමර්ශනයේදී යම් අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සිදුකරගෙන යන බවට පෙනී ගියහොත් එම අපේක්ෂකයාට ලබාදෙන ගුවන් කාලය අත්හිටුවීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළා.
කොමිසම අදාළ විද්‍යුත් හෝ මුද්‍රිත ආයතනවලට ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම්දීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම සිදුකරගෙන යන විමර්ශනයේදී රාජ්‍ය මෙන්ම පෞද්ගලික සියලු මාධ්‍යයන් සම්බන්ධව අවධානයෙන් සිටින බවද ඔහු සඳහන් කළා.