ත්‍රිරෝද රථයක් සහ ජිප් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වි තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ (10) දින පස්වරු 3.30 ට පමණ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදිය.
නල්ලතන්නිය සිට මස්කෙලිය දක්වා දියර කිරි ප්‍රවාහනය කල ජිප් රථයක් සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුර සිදු වි ඇත.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි ඇති අතර, ත්‍රිරෝද රථයේ රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇත.
අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.
අනතුර සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.
(හැටන් රංජිත් රාජපක්ෂ)