ආසි­යානු මීටර් 800 රන් පද­ක්කම් දිනූ ඔලි­ම්පික් ක්‍රීඩිකා තරුෂි කරු­ණා­රත්න ක්‍රීඩා පුහු­ණු­වට හා කළ­ම­නා­ක­රණ උපා­ධිය හැදෑ­රීම සඳහා අද (31) අමෙ­රි­කාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඇය ලුසි­යානා ප්‍රාන්තයේ නිව් ඔර­ලෙන්ස්හි පිහිටි තුලේන් විශ්ව­වි­ද්‍යා­ල­යට ලබන සතියේ ඇතු­ළත් වන අතර, ඒ සඳහා තරුෂිට වසර 4ක පූර්ණ ශිෂ්‍ය­ත්ව­යක් ලැබී තිබෙනවා.

තුලේන් විශ්ව­වි­ද්‍යා­ලය සතුව තුලේන් ග්‍රීන් වේව් නමින් මලල ක්‍රීඩා කණ්ඩා­ය­මක් ඇති අතර, තරුෂි ඉදි­රි­යේදී එම කණ්ඩා­යම නියෝ­ජ­නය කරනු ඇති.

එම තුලේන් ග්‍රීන් වේව් මලල ක්‍රීඩා කණ්ඩා­යම අමෙ­රි­කානු මලල ක්‍රීඩා සම්මේ­ල­නයේ සාමා­ජි­ක­යකු ලෙස ප්‍රමුඛ පෙළ තර­ගා­වලි නියෝ­ජ­නය කරනු ලබනවා.

තුලේන් ග්‍රීන් වේව් යටතේ පාපන්දු, බාස්ක­ට්බෝල්, වොලි­බෝල් හා බේස්බෝල් වැනි ක්‍රීඩා සංචිත ක්‍රියා­ත්ම­ක­වන අතර, ක්‍රීඩා සංකී­ර්ණ­යක් ද වෙනම පිහිටා තිබෙනවා.

තරු­ෂිට විශ්ව­වි­ද්‍යාල කිහි­ප­ය­කින්ම ශිෂ්‍යත්ව ලැබී ඇති අතර, ඇය තෝරා­ගෙන ඇත්තේ ක්‍රීඩාව හා අධ්‍යා­ප­නය යන අංශ දෙකම කළ හැකි විශ්වවිද්‍යාලයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here