තලාව මැදගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (28) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවට වාර්තා වනවා.

තුවාල ලබා ඇත්තේ 44 හැවිරිදි වරාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා තම මස්සිනා සමඟ ඔවුන් පොල් වගා කර ඇති ඉඩමේ ගමන් කරමින් සිටියදී එම ඉඩමට ජලය ලබා ගන්නා ඇල්කටින් බට සම්බන්ධයෙන් යාබද ඉඩමේ හිමිකරු සමඟ බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

එහිදී ඇති වූ ආරවුල දුරදිග යාමෙන් එම යාබද ඉඩමේ හිමිකරු විසින් මෙලෙස වෙඩි තබා ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලාව පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here