කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසළ අංගනය වෙත දුම්රීයෙන් රැගෙන යාම අද ( 25 ) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසනවා.
වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසළ එලෙස පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත රැගෙන ඒ්ම සිදුවුණා.
756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් තිබෙනවා.
කසළ තොගය රැගත් බහාලුම් වනවාසල සිට පුත්තලමට ගොස්, එතැන් සිට අරුවක්කාඩු කසළ අංගනය වෙත ගෙන ඒම සිදු කෙරෙනවා.
දුම්රියෙන් රැගෙන ආ මෙම පළමු කසළ තොගය කසළ අංගනයේ ගොඩබෑම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි දුම්රීය දෙපාර්තමේන්තුව පවසනවා.