බදුල්ල සිට නුවර දක්වා ධාවනය වූ දුම්රියක් දෙමෝදරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මෙම දුම්රිය අද (30) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ රේල් ගේට්ටුව අසළදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය නිලධාරීන් පවසන්නේ, හැකි විගස දුම්රිය පීලිගත කිරීමට කටයුතු කරන බවයි.
පසුගිය සතියේදී ද මෙම ස්ථානයේම මෙම දුම්රිය පීලි පැනීමට ලක් වුණා.