සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට ඊයේ(24) එංගලන්තය සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 236ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා
කඩුළු සියල්ල දැවී ලකුණු 358ක් රැස් කරගැනීමට සමත් වුණා.
අනතුරුව දෙවෙනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය අභිභවා ගොස් සමස්ථ ලකුණු 326 රැස් කිරීමට සමත් වූ අතර, ඒ අනුව දෙවෙනි ඉනිම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 205ක්.
එහිදී එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 57යි පන්දු 02ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගාවලිය ලබන 28වැනිදා ආරම්භ වීමට නියමිතයි.