ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පැෆ්රල් සංවිධානය ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

”ඡන්ද සල්ලි මීටරේ ” ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here