ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පවිත්‍රා වන්නිආරච්චි මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග යන අමාත්‍යධුරය හොබවනවා.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්,