ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සිය වගකීම යටතේ පැවතුණු ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතනවලින් ඉවත් වීමට පියවර ගෙන ඇති  බවයි වාර්තා වෙන්නේ.

තමන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා එක්ව ධීවර ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරන බවත් තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතුන් කිහිපයක් මත මෙම තීරණය ගත් බවත් අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here