‘කඳුකරයේ කම්කරු ජනතාවගේ පියා’ ලෙසින් හඳුන්වනු ලබන නැසීගිය ගරු සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමාගේ 111 වැනි ජන්ම සංවත්සරය  සැමරුම් උළෙල (30) දින පැවැත්විණි.

එහිදී කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටි සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහතාගේ  පිළිරුවට  ලංකා කම්කරු කොංග්‍රසය නියෝජිතයින් පුෂ්පෝපහාර දැක්වීමෙන් ගෞරවය පුද කරන ලදි.

ලංකා කම්කරු කොංග්‍රසයේ  මහලේකම් සහ  ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු ජීවන් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ ගරු සභාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමන්,  ලංකා  කම්කරු කොංග්‍රසය විධායක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේස්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරු , උප සභාපතිවරුන්, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සාමාජිකයින්, ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රභූවරුන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවෙන් පසු  ලංකා කම්කරු කොංග්‍රසයේ පක්ෂ මූලස්ථානය වන සෞම්‍ය භවන් හි පුජාවන් පැවැත්විණි.

මීට අමතරව කොටගල CLF සංකීරණය ඇතුළු කඳුකරයේ බොහෝ ප්‍රදේශවල ද  ජන්ම දින සැමරුම් උත්සව පැවැත්විණි.

ගරු  සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමා නිදහස් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි.  

ඔහු  ලංකා ඉන්දීය කොංග්‍රසය පිහිටුවීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් අතර එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. 

ශ්‍රී ලංකා ඉන්දීය කොංග්‍රසයේ නම  ලංකා කම්කරු කොංග්‍රසය ලෙස වෙනස් වූ දින සිට ඔහු එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.  

ගරු  සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමා ප්‍රධාන අමාත්‍යාංශ ගණනාවක කැබිනට් අමාත්‍ය ධුරයන් හෙබවූ අතර ඔහු ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට ජාතික නායකයෙක් ද විය.

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here