ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කඳාන පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම්පිටිය ජාඇල යන ලිපිනයේ පදිංචි ජයසුරිය කුරණගේ ෂෙනාල් රෙනෝල් පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකු බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ ආරක්ෂිත හිස්වැසුම් පවා නෙමැතිව තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර යතුරු පැදියේ පසුපස අංක තහඩුවද නොතිබුන බව පොලිසිය පවසනවා.
පොලිස් නිලධාරියාගේද උපදෙස් නොතකා යතුරු පැදිය කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට අපිරික්ෂාකාරි ලෙස දැමීමෙන් කොළඹ සිට ජාඇල බලා ධාවනය වෙමින් සිටි ටිපර් රථයක ගැටී මෙම අනතුරු සිදුවී තිබෙනවා.
අනතුර සිදුවීමෙන් පසුව එම ස්ථානයේ කලහාකාරි තත්ත්වයක්ද ඇති වී තිබෙනවා.