බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගමැතිවරියගේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.
එරට අගමැතිනි ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉවත් වූ හසීනා ඉන්දියාවට පලා ගිය ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බංග්ලාදේශ හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් නිවේදනයක් කරමින් පැවසුවේ,බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බවයි.
ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩා වැදී ඇති තිබෙන බව විදෙස් මාධ්‍ය තවදුරටත් පවසනවා.