බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩ්ල්ෆාම් හන්දිය සහ ඩී.එස්.සේනානායක හන්දිය අසල ටිකල් පාර ආසන්නයේ ගිලා බැස ඇති මාර්ගය අද සිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බව කෙළඹ නගර සභාව මහ ජනතාවට දැනුම් දී සිටියි.
අද සිට දින 20ක පමණ කාලයක් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගතවිය හැකි බව සදහන් කරයි.ඒ අනුව එම මාර්ගයට ඇතුළු වන මංතීරු දෙකම වසා දැමීමට පියවර ගෙන තිබේ.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 5.30 සිට උදෑසන 11.00 දක්වාත් රාත්‍රී 11.0 සිට පසුදින අලුයම 5.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ වාහන ධාවනය සිදු කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
