මෙරට සිටි ප්‍රවීණම, ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු කෙනා ලෙස චංචලා ගුණවර්ධන මහත්මිය නම් කළ හැකි අතර ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here