ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
පසුගිය ජුලි මස 31වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 925ක් බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.
ඉන් පැමිණිලි 901ක් මැතිවරණ නීතිරීති උල්ලාංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් සහ වෙනත් පැමිණිලි 23ක් ද ලැබී ඇති බව සඳහන්.
කෙසේවෙතත් මාසයකටත් වඩා අඩු කාලයක් තුළ පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබීම අතිශය බරපතළ තත්ත්වයක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවට වාර්තා වන බවයි.