තමන් දේශපාලන රැස්වීම් සඳහා ජනතාව ගෙන්වාගැනීම සඳහා බස් රථ යොදවා, මත්පැන් ලබාදීමක් සිදුනොකරන බවත් රැස්වීම සඳහා පැමිණෙන්නේ එක් පුද්ගලයෙක් වුවත් එය දහස් ගණනක් වටිනා බවත් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.
උපුටා ගැනීම
මේ මොහොතේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙනි.
මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන රසඥතාවයයි.
මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන සාක්ශරතාවයයි.
මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලනික තෝරා ගැනීමයි.
මාගේ රැස්වීම් වලට සහභාගි වීමට ප්‍රවාහන පහසුකම් සපයන්නේ නැත. බස් රථ යොදා මිනිසුන් රැගෙන එන්නේද නැත. අරක්කු සිගරට් ලබා දෙන්නේද නැත. බත් පැකට් මාලුපාන් කිරිපැකට් බෙදන්නේද නැත.
මගේ රැස්වීම පැවැත්වෙන දිනට පෙරදා රාත්‍රියේ ඒ අවට පෝස්ටර් 50ක් පමනක් අලවන අතර වේදිකාව ඉදිකරනුයේ මහජතාවට අවහිරයක් නොවන ස්ථානයකය. ශබ්ද විකාශන යන්ත්‍රද මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි අදාල පරිශ්‍රයට සීමාවන ලෙස සවි කිරීමට උපදෙස් ලබා දී ඇත.
මාගෙ රැස්වීම් වලට පැමිණෙන්නේ එක් පුද්ගලයාද, පස් දෙනාද, දහදෙනද පනස් දෙනාද සිය දෙනාද ඔවුන් මට දසදහස් ගණනකට වඩා වටිනාකමක් ඇති වැදගත් පාක්ශිකයින් පිරිසකි.
2010 දී දේශපාලනයට පැමිණි දා පටන් මම උඩුගම් බලා පිහිනීමට උත්සාහ කලෙමි. අදටත් එය එසේමය. මේ රටේ මහජනතාව ඊට සූදානම් නොමැතිනම් එය ඔවුන්ගේ තෝරාගැනීමය.
සමගි ජන බලවේගයේ සභාපතිදූරය අතහැර එනවිට, අනෙකුත් ප්‍රධාන දේශපාලන බලවේග ඔවුන්ගේ කඳවුරු වලට සම්බන්ධ වන ලෙස මට ආරාධනා කලද, ඒ සියල්ල ප්‍රතික්ෂේප කලේ මගේ හෘදසාක්ශියට එකඟව එම දේශපාලන කඳවුරු වල සිටගත නොහැකි නිසාවෙනි.
මම මගේ මතය රටට ඉදිරිපත් කරමි. එය බාරගන්නවාද නැද්ද යන්න රටේ ජනතාවට භාරය.උපුටා ගැනීම අවසන්