රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු වූ බී. සිවලිංගම් මඩකලපුවේ අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයට ආශීර්වාද කළ බව වාර්තා වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වි.පි) පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) සංවිධානය කළ මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර එහි පැමිණි බී. සිවලිංගම් මහතා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කර තිබූ බවයි කියන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , හිටපු කතානායක අනුර බණ්ඩාරනායක ,හිටපු අමාත්‍යවරයා මලික් සමරවික්‍රම ඇතුලු ඇමති මණ්ඩලයේ බහුතරයකට බී. සිවලිංගම් මහතා අධ්‍යාපනය ලබාදුන් බව ජනාධිපතිවරයා සිය කතාවේදීව සිහිපත් කළ බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here