වතුකරයේ ජනතාව රා බෝතලයට වහල් වි ජන්දය ලබාදෙන ජාතියක් නොවන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා ඒ බැව් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා (22) දින මාධ්‍ය හමුවක් පවත්වමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ වෘත්තිය සමිති ප්‍රමිතියෙන් තොර රා බෝතල් වතු කම්කරුවන්ට ලබාදෙමින් මැතිවරණ කටයුතු සිදු කරන බවට කල ප්‍රකාශයට පිළිතුරු ලබාදිම සදහා (23) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත්, එම ජනතාව අපකිර්තියට පත් කරමින් මෙවැනි ප්‍රකාශ සිදු කිරිමෙන් වලකින ලෙසයි.

මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් රැගෙන එක් ජන කොට්ඨාශයක් අපහසුතාවයට පත් වන ආකාරයේ එවැනි ප්‍රකාශ සිදු කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ සංවිධානය ඉස්මතු කර පෙන්විමටය.

වතුකරයේ කිසිදු දේශපාලන පක්ෂයක් එවැනි පහත් ක්‍රියාවන් සිදු නොකරන බවත්, වතුකරයේ ජනතාව අධ්‍යාපන මට්ටමෙන් සහ සංස්කෘතික මට්ටමෙන් ඉහල තත්ත්වයක සිටින නිසා එම ජනතාව මෙවර ජනාධිපති මැතිවරණයේදි ජන්දය භාවිතා කල යුත්තේ කුමන අපෙක්ෂකයාටද යන්න බුද්ධිමත් ලෙස සිතා තිරණය ගන්නා බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

රා බෝතලයට වහල් වි  ජන්දය භාවිතා කරන ජනතාව මෙරට තුල නොමැති බවත්, කොරොනා ව්‍යසන සමයේදි වතුකරයේ ජනතාව තේ වතු වල වැඩ කරමින් උපයා ගත් වැටුපෙන් ජිවත් වු ජනතාවක් බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here