මැතිවරණ නිති උල්ලංඝනය කරමින් බගවන්තලාව නගරයේ වතුකරයේ ප්‍රධානතම වෘත්තිය සමිතියක ධජයේ වර්ණය ප්‍රදර්ශනය කරමින් ඇද තිබු කොඩි වැල් කපා ඉවත් කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් (17) දින රාත්‍රියේ පියවර ගැණින.
එම වෘත්තිය සමිතියේ ආධාරකරුවන් පිරිසක් විසින් බගවන්තලාව නගරය පුරා එම කොඩි වැල් ඇද තිබු අතර, එය මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් බව පවසමින් බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් ගලවා ඉවත් කිරිමට පියවර ගෙන තිබුණි.
පොලිසිය විසින් කොඩිවැල් කපා ඉවත් කිරිමට ප්‍රථම එහි නෛතික තත්ත්වය පිලිබදව එම වෘත්තිය සමිතියේ සමාජිකයන් දැනුවත් කිරිමටද කටයුතු කෙරිණ.
(හැටන් රංජිත් රාජපක්ෂ)